එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ඊයේ (15) මියගොස් ඇතැයි 'ලංකාදීප (lankadeepa.lk) වාර්තාකරයි.  

 
 කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසා ඇති පරිදි මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති දැරියකි.

 කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් 'ලංකාදීප' වෙත පවසා ඇත.

මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙනගින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසන්නේ යැයි පොලීසිය පවසයි.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


 මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ, රෝහල් තුල ඖෂධ හේතුවෙන් සිදු වූ මරනය වාර්ථා වන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වාර්ථා නොවී යට යන තත්වයක්ද පවතින බවයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

 '' රෝගීන්ට සිදූ වූ අපරාධ ගැන හොයන්න පත් කරපු කමිටු වල අය, සිදුවීමක් වුණේ නෑ කියලා කියන්න තීන්දුව සාක්කුවේ දාගෙන යන්න එපා. පේරාදෙනිය ශික්ෂණ රෝහලේ  දී සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධය හේතුවෙන් සිදු වූ මරනය පිළිබඳ සෙවීමට ගිය කමිටුව, එම ඖෂධයේ කිසිදු වරදක් නොමැති බැවින් දිගටම භාවිතා කරන බව නිවේදනය කර පැය දෙකක් යන්නටත් මත්තෙන්, එම ඖෂධය නිසාම මහනුවර රොහලේ තවත් රෝගීන් දෙදෙනෙකු මාරාන්තික සංකූලතා ඇතිවී දැඩි සත්කාර ඒකකකයට ඇතුල් කර තියනවා. ''
WhatsApp Image 2023 07 17 at 11.33.33 AM

'' ඖෂධ වලින් මිය යෑම සහ සෞඛ්‍ය ප්‍රශ්ණය සාමාන්‍ය එකක් බවට ඒත්තු ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් ගනිමින් ඉන්නවා.  මැරෙනෙ සංඛ්‍යාව සහ සංකූලතා ප්‍රමාණය සාමාන්‍ය තත්වයක් විදිහට ගත්තත් එය සංඛ්‍යත්මකව පවා අසාමාන්‍යයක් බව තහවුරු වෙමින් තිබියදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රශ්ණය එලෙස මග හැර යෑම බරපතලයි .''


'' ඒ වගේම අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී පසු ගිය 28 වෙනිදා මාතාවක් මිය ගොස් තිබෙනවා. සිහි නැති කිරීම සඳහා එන්නතක් විද්දාට පසු ඇයට සිහිය නොපැනි බව පවුලේ හිතවතුන් පවසනවා. නමුත් මරණ සහතිකයේ හෝ වෙනත් තැනක ඒ බව සදහන් වෙන්නේ නෑ. ඒ අනූව ඖෂධයක අසාමාන්‍ය හැසිරීමක් නිර්ණය කිරීම සඳහා අත්‍යවශ්‍ය දත්ත ඒකරාශි කර ගැනීමක් පවා යාන්ත්‍රණයක් නොමැතිව, අමාත්‍යාංශය ඖෂධවලට සුදු හුණු කාලා, රෝගී අමාරුවේ දමමින් ඉන්නවා''
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්