රජය හදිසියේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද (17) රැස් වී හෙට (18) දිනයේ රටේ මැතිවරණ වැඩසටහන පිළිබඳ මැතිවරණ

කොමිසම සහ එහි සාමාජිකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විභාග කිරීමට අදාළ ‘තේරීම් කාරක සභාවක්’ පත් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් රජය ලහි ලහියේ මේ කටයුත්තට යොමුව තිබෙන්නේ අලුතින් පත් වූ මැතිවරණ කොමිසමටත් අධිකරණය ඉදිරියේ තිබෙන්නා වූ නඩු විභාගවලටත් බලපෑම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා වෙනුවට රජයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උදෙසා අධිකරණයට සහ මැතිවරණ කොමිසට බලපෑමක් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

 

හෙට දින පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නේ වර්තමාන මැතිවරණ කොමිසම රජයේ න්‍යාය පත්‍රයන්ට සීමාවන්ට අනුව කටයුතු කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට යාමට සිදුවන බවටත් වන පැහැදිලි ඉඟියක් අනිසි තර්ජනයක් ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

එසේ ම රජයේ අදහස්වල අනුව අධිකරණ විනිසුරුවන් කටයුතු නොකරන්නේ නම් අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම් විනිසුරුවන් තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙන විත් පීඩනයට ලක් කිරිමට වුව හැකි බවට වන ඉගියක් මේ තුළින් ලබා දෙන බවත් මේ දේශපාලන සුදුව දේශපාලන විජ්ඡාව ක්‍රියාත්මක කරමින් බංකොලොත් රටක සිස්ටම් එකේ වෙනසක් සම්බන්ධයෙන් හැමෝම කතා කරන අවස්ථාවේ ජාරා ජීරණ වූ යල්පැනගිය පැරණි ක්‍රමවේදය ම ක්‍රියාත්මක කිරීමක් මේ තේරීම් කාරක සභාව තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සත්‍ය වශයෙන් ම මේ රජය තමන්ගේ ක්‍රියාකලාපය තුළින් ජනතා පරාමාධිපත්‍ය, සෛරීත්වය සහ සර්වජන ඡන්ද බලය ජනතාවට අහිමකිරීමක් හා විනාශ කිරීමක් සිදුවන බවත් ඔවුන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරිම යන තේමාව යටතේ රජය විසින් අධිකරණයටත් ස්වාධින මැතිවරණ කොමිසමටත් බලපෑම් එල්ල කිරිමට යන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, මේ වන විට උල්ලංඝනය වි ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් බව යි.

මේ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය නැති වීමට ඉඩ නොතබන බවත් ස්වාධින අපක්ෂපාතී මැතිවරණ කොමිසමට බලපෑම් සිදු කිරිමට ඉඩ නොදෙන බවත් හුදකලාව නොව සියලුම විපක්ෂයේ පාර්ශ්ව සමග එකට එකතු කර ගෙන ලක්ෂ 220ක් වූ ජනතාවගේ උන්නතිය උදෙසා අධිකරණයේ නිදහසත් මැතිවරණ කොමිසමේ ස්වාධිනත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ශක්තිමත් කිරීම උදෙසාත් කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට රජය දරන මේ කූට උත්සාහයන් සියල්ල පරාජය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්