කුරුන්තුර් මලේ පුරාවිද්‍යා බිමේ සිංහල බෞද්ධ උරුමය පමණක් තහවුරු කරමින් හින්දු බැතිමතුන්ගේ පුදපුජාවන් කඩාකප්පල් කිරීමට ප්‍රචණ්ඩතාව

යොදාගත් කුළු පොලු රැගත් පොලිසිය ඇතුළු භික්ෂුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව තිබේ.

ආගම ඇදහීමේ අයිතිය උල්ලංඝනය කළ බවට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්වූ පීටර් ඉලන්චේලියන්, ඇන්ටනි ජයන්තන් සහ රත්නම් ජෙගදීසන් මෙන්ම සිද්ධිය වාර්තා කිරීමේදී පොලිසිය තර්ජනය කළ බවට මාධ්‍යවේදී විජයරත්නම් සරවනන් විසින් ද වවුනියාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත.


IMG 20230717 WA0035
හිටපු පළාත් සභිකයා සහ දෙමළ ක්‍රියාධරයන් විසින් මුලතිව් පොලිසිය වෙත ජුලි 14 වැනිදා පැමිණිලි කර සිටියේ උසාවියේ අවසරය ඇතිව කුරුන්තුර් මලේ ආදි සිවන් අයියර් කෝවිලේ පවත්වන්නට ගිය ආගමික වතාවත් වැලක්වීමට බෞද්ධ භික්ෂුන් මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් ප්‍රචණ්ඩත්වය යොදාගත් බවයි.

කුරුන්තුර්මලේ ආදී සිවන් අයියර් කෝවිලේදී ජුලි 14 වැනිදා පොංගල් පුජාවක් පවත්වන බවට කෝවිල් පරිපාලන සභාව මගින් ප්‍රසිද්ධ කර තිබුනේ ඊට සතියකට පෙර සිටයි.
 
 
මේ අතර කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ අධිකරණ නියෝග කඩකරමින් බෞද්ධ විහාරයක් ඉදිකරමින් එහි බලහත්කාරයෙන් පදිංචි වී සිටින ගල්ගමුවේ සාන්ත බෝධි හිමියන් ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය යොදා ගනිමින් කියා සිටියේ ``දෙමළ ත්‍රස්තවාදීන්`` දේව ප්‍රතිමාවක් ස්ථාපිත කරන්නට අරාඳින බැවින් සිංහල බෞද්ධයන් ඊට විරෝධය පළ කරන්නට පැමිණෙන ලෙස ඇරයුම් කරන බවයි.
 
 
ආගමික නොසන්සුන්තාවක් ඇති වේ යැයි  කියමින් සාන්ත බෝධි හිමියන් පොංගල් පුජාව තහනම් කරන ලෙස ජුලි 11 වැනිදා මුලතිව් පොලිසියට පැමිණිලි කර ඇත. බෞද්ධ භික්ෂුවට කීකරු පොලිසිය පොංගල් පුජාවට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මුලතිව් අධිකරණයෙන් ඉල්ලා සිටී මුත් දේව රූප ස්ථාපිත කිරීමට අවසර නොදුන් මහේස්ත්‍රාත්වරයා පොංගල් පුජාව පත්වීමට අනුමැතිය ලබා දුනි.

අධිකරණයේ හා පොලිසියේ ද අනුමැතිය අනුව පොංගල් පුජාවට ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් සුදානම් වෙද්දී සාන්ත බෝධි හිමියන්ගේ අනුදැනුමින් බස්රථ දෙකක් පුරවා දකුණේ සිට රැගෙන ආ භික්ෂුන් හා සිංහල පිරිස් එහි බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීමට රැස් වුයේ නොසන්සුන්තාවක් ඇති කරමින්ය.

received 776800594234580
ලිප් බැඳ, කපුරු දල්වා පොංගල් ක්ෂීර පුජාව පිසින්නට සැරසෙද්දී එය වළකාලන්නට සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරින්, බෞද්ධ භික්ෂුන්ට සහ පිටතින් පැමිණි සිංහලයන්ට සහාය දක්වමින් ක්‍රියා කරනු මාධ්‍යවේදීන් විසින් රූපගතකොට තිබේ.
 
 
පැවති නොසන්සුන්කාරී තත්වයට හමුවේ  එහි සිටී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියෙකු කියා සිටියේ 1933 දී මෙය පුරාවිද්‍යා වැඩබිමක් ලෙස ගැසට් කර ඇති බැවින් එහි ගිනි දැල්වීම තහනම් බවයි. පොලවේ ටකරමක් හෝ තහඩුවක් තබා ඒ මත ගිනි දල්වා පුජාවන් කරගෙන යන ලෙසද එම පුරාවිද්‍යා නිලධාරියා හින්දු බැතිමතුන් හමුවේ උපදෙස් ලබා දී තිබේ.
 
 
එහෙත් පිටතින් රැගෙන ගොස් සිටී සිංහල පිරිස් හා බෞද්ධ භික්ෂුන් තවදුරටත් කලහකාරී ලෙස හැසිරෙමින් පුරාවිද්‍යා නිලධාරියාගේ ප්‍රකාශයට විරෝධය පාමින් කියා ඇත්තේ පොංගල් පුජා පැවැත්වීමට ඉඩ නොදෙන බවයි.

පුරාවිද්‍යා නිලධාරියාගේ අනුමැතිය නොතැකු කිලිනොච්චි/මුලතිව් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව පිටතින් රැගෙන විත් සිටී බෞද්ධ භික්ෂුන්ගේ හා සිංහලයන්ගේ පාර්ශවයට සහාය පලකමින් කියා සිටියේ දෙපාර්ශවයටම කුරුන්තුර්මලේ භූමියෙන් ඉවත් වන ලෙසයි.
 
පිටතින් මෙහි රැගෙන විත් ඇති බෞද්ධ භික්ෂුන් හා සිංහල කණ්ඩායම් ආපසු හරවා යවා බාධාවකින් තොරව, පුරාවිද්‍යා නිලධාරි ලබා දුන් අනුමැතිය හා උපදෙස් පරිදි පොංගල් පුජාව පැත්වීමට අවසර දෙන ලෙස හින්දු බැතිමත්හු  ඉල්ලා සිටිහ. එහෙත් ගිනි දැල්වීමට අනුමැතිය ලබා දිය නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව ප්‍රකාශ කිරිමත් සමග කෝපයට පත් හින්දුන් ආගමිකයන් බිම වාඩිලා ස්තෝත්‍ර ගායනා කරමින් පොංගල් පුජාව පැවැත්විමේ අයිතිය ඉල්ලා සිටින ලදී.

ඊට එකට එක කිරීමක් ලෙස බෞද්ධ භික්ෂුහු ද ඒ ආසන්නයේ සිට පිරිත් සජ්ජායනය කරමින් ආරවුල තව තවත් අවුලවන්නට වෙර දැරුහ.

පිටතින් රැගෙන විත් සිටී සිංහල පිරිස් ඉවත් කිරීමට උත්සුක නොවූ පොලිසිය ස්තෝත්‍ර කියමින් සාමකාමීව සිටී හින්දු ආගමිකයන් හා දේශපාලන ක්‍රියාධරයන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යාමට ක්‍රියා කර තිබේ.
 
received 846213593095056 
 
සාමකාමීව විරෝධයේ යෙදුනු කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පිරිමි පොලිස් භටයන් ක්‍රියා කළේ ඔවුන් දැඩි ලෙස හිංසනයට ලක් කරමින් බව එහි ගිය මුලතිව් මාධ්‍යවේදීහු පවසති. ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාධරයකු වන පීටර් ඉලන්චේලියන්ට පොලිසිය පහර දී , දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් ද බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
 
 
පොලිසිය කෙතරම් වෑයමක් දැරුවද එම පිරිස ඉන් ඉවත් කිරීමට නොහැකි වී තිබේ. හින්දු පුජක තවතිරු වේලන් ස්වාමිගේ ඉල්ලීම පරිදි  අඩ හෝරාවක කාලයක් හින්දු භක්ති ගීත කියමින් සිටී පිරිස පසුව  දෙවියන් ට පොල් ගසා පිටත්ව ගොස් ඇත.
 
‘මේ වෙලාවේ අනවශ්‍ය දේවල්’
 
`` කුරුන්තුර්මලේ කවුරු ගියත් පුද පුජා පවත්වන්න පුළුවන්. එක් පාර්ශවයක් දේශපාලන බලපෑම්ද තවත් පාර්ශවයක් ආගමික කලබල ද ඇති කරන්න හදනවා. මේවා මේවෙලාවේ අනවශ්‍ය දේවල්,``යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ කුරුන්තුර්මලේ සිදුවීම් ගැන දකුණේ මාධ්‍ය ඔහුගෙන් කළ විමසිමකදියි. සියලු පාර්ශවයන් සමග සාකච්ජා කොට මේ සඳහා ඉක්මන් විසදුමක් ලබා දෙන බවද ඔහු මෙහිදී කියා තිබේ.
 
 
කුරුන්තුර්මලේ ගැන අධිකරණය ලබා දෙන තීන්දුව කුමක් වුවත් එය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
 
 
``එක් පාර්ශවයක් මේක දේශපාලනයට යොදා ගන්නවා. මේ නිසා විසදුමක් නැති තත්වයක් දැන් තියෙන්නේ. උසාවි තීන්දුව එනකම් අපි බලාගෙන ඉන්නේ.``

ඇතැම් අය අධිකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් කිරීමට කුරුන්තුර්මලේ යොදා ගැනීම රටම ලජ්ජාවට පත්වන කරුණක් බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ සඳහන් කරයි.

`` දෙමළ හා සිංහල ජනයා හප්පවන්න ක්‍රියා කරන කණ්ඩායම් මේක පිටුපස ඉන්නවා. අපි ඒ අය හඳුනා ගන්න ඕනේ.`
 
 
පොලිසියේ හා බෞද්ධ භික්ෂුන්ගේ ක්‍රියාව සාධාරණිකරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසන්නේ කුරුන්තුර්මලේ දෙමළ ජනයාට නොව සිංහල බෞද්ධයන්ට අයත් භූමියක් බවයි. ``පොංගල් නමින් ඇවිත් හින්දු අයට චන්ඩිකම් කරන්න ඉඩ දෙන්න බැහැ.
 
 
ජාතිවාදය පතුරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැනි අයට ආණ්ඩුවේ සිටීමට කිසිදු සුදුසුකමක් නොමැති බව කම්කරු ඇමැති මනුෂ නානායක්කාර පවසන්නේ කුරුන්තුර් මලේ  සිදුවීම ගැන මාධ්‍ය කළ විමසිමකදියි.
 
 
``මේ ආණ්ඩුවේ තව දුරටත් ඉන්න නම් සරත් වීරසේකරලාගේ ජාතිවාදී අදහස් වෙනස් කරගන්න ඕනේ. නැත්නම් අපී 2040 දීත් සංවර්ධනය නොවුණු රටක්,``බව ඔහු අවධාරණය කරයි.
 
received 822715339038262received 1410171279559349received 293465579803505

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්