වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ

සේවකයින්ගේ විරෝධතාවක් අද (ජූලි 19) පෙරවරුවේ පැවැත්විණි.

මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටියේය.

ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේදී බවත්, සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත පැවසීය.

එහෙයින්, සියලු ම වැටුප් තලවල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම වශයෙන් රුපියල් 33,000ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙම සේවක විරෝධතාව හේතුවෙන් ගුවන් ගමන්වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදු නොවූ බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

000sla

000sla1

000sla2

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්