ලංකාව ලබාගෙන ඇති ට්‍රිලියන 08ක (කෝටි ලක්ෂ 08) ව්‍යාපෘති ණයෙන් වත්කම් ඇත්තේ

ට්‍රිලියන 02ක් (කෝටි ලක්ෂ 02) පමණක් යැයිද ට්‍රිලියන 06ක් (කෝටි ලක්ෂ 06ක්) වත්කම්වල නැතැයිද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න අනාවරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් අමතමිනි.

එහිදී විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න තවදුරටත් මෙසේ පැවසිය.

“රජයේ වාර්ශික මූල්‍ය ප්‍රකාශනය අනුව ට්‍රිලියන 08ක ව්‍යාපෘති ණය තියෙනවා. ට්‍රිලියනයක් කියලා කියන්නේ දසලක්ෂයේ ඒවා දසලක්ෂයක්. මේ මූල්‍ය ප්‍රකාශනයේ මේ වගකීම් මේ විදිහට පෙන්නුවට, මූල්‍ය ප්‍රකාශනය අපේ ස්ථාවර වත්කම් විදිහට අපි පෙන්වන්නේ ට්‍රිලියන 02යි. ඒක කිසිසේත්ම වෙන්න බැරි දෙයක්. මොකද මේ ව්‍යාපෘති ණය දුන්නේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සඳහාමයි. එතකොට ව්‍යාපෘති ණයට අදාලව ගිණුමේ එක පැත්තක ණය පෙන්වනවානම් කොහොමද වත්කම් ට්‍රිලියන දෙකක් වුනේ? ඒක සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි තත්වයක්. එතකොට මේකට හේතුව විදිහට කියන්නේ අපි තවමත් වත්කම් සොයමින් පවතිනවා. නැත්නම් අගය කරමින් පවතිනවා. මේ තත්වය ආරම්භ කළේ 2015දී, දැන් අවුරුදු 08ක් විතර ගතවෙලා. හැබැයි තාමත් අපිට වත්කම් ටික හඳුනාගන්න බැරිවෙලා තියෙනවා. මේවා අපේ තියෙන අඩුපාඩු. මේවට අපි යම් කිසි අවධානයක් යොමු කළොත් මේ කාර්යය අපිට බැරිවෙන්නේ නැහැ.”


(lankatruth.com)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්