ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ, දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇගයීමට ලක් ව තිබේ.  ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට,  ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.

 

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළිත් තහවුරු කරයි. ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

 

''රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටිනවා''

ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව, ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රටතුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී ඇතැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

 

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන  අනාගත ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම  අවධාරණය කර තිබේ. එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත්  ශක්තිමත් වීමට හේතු වනු ඇති බවද ඔහු පවසා ඇත.

 

චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම

ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා,  මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බව සඳහන් කර තිබේ. දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත් එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බව ජනාධිපතිවරයා පවසා ඇත.

 

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.

 

ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින්  පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මඟින් රටේ ජාතික සංවර්ධනයට ලබා ගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මගී ප්‍රවාහන බෝට්ටු සේවා

තලෛයිමන්නාරම- රාමේෂ්වරම් සහ නාගපට්ටිනම්- කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

ind 1

ind 2

ind 4

nd 3

ind 5

.............................


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්