මේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය

සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලා සිටී

නිදහස් සෞඛ්‍ය සේවාව වසර ගණනාවක් රට තුළ භුක්තිවිදින බවත්, නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි පුද්ගලයින් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගත යුතු බවත් ඔහු කීය.

ඔහු එබව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවක දීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැගවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙසේ සඳහන් කළේය.

කළුතර නාගොඩ රෝහලේ තත්වය : '' කිසිදු ගැබිණි මවක් රෝහලට බාර නොගෙන සිටියේ නැහැ.''

“කළුතර නාගොඩ රෝහලේ නිර්වින්දන සදහා යොදා ගන්නා එන්නත් නොමැති බවටත්, ගැබිණි මව්වරුන් වෙනත් රෝහල්වලට මාරු කර යවන බවටත් මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබුණා. මෙම ඖෂධය රෝහලේ අඩු බව අධ්‍යක්ෂතුමිය දැනුම් දුන්නේ පසුගිය 19 වනිදා. එහිදී එම ඖෂධය අද දින වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන බවට දැනුම් දුන්නා. රෝහලේ තිබුණ නිර්වින්දන ඖෂධ 17 ට අමතරව තවත් 50 ක් ප්‍රදානයක් ලෙස එම රෝහලට ලැබී තිබුණා. ඊයේ රාත්‍රී වන විට අදාළ නිර්වින්දන ඖෂධ 67 ක් රෝහලේ තිබුණා. අද උදේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු  අදාළ ඖෂධ මේ වනවිට කළුතර රෝහලට ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කළුතර රෝහලේ එම ඖෂධ හිඟය අවසන්ව තිබෙනවා. මෙම ඖෂධය නිසා කිසිදු ගැබිණි මවක් රෝහලට බාර නොගෙන සිටියේ නැහැ.”

කෑගල්ල රෝහල : ආසාත්මිකතාවයකින් රෝගියෙකු මියයාම

“කෑගල්ල රෝහලේ Cefriaxone ප්‍රතිජීවක ඖෂධය ලබාදීම නිසා ඇති වූ ආසාත්මිකතාවයකින් රෝගියෙකු මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම රෝගියා අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණේ මෙම මස 10 වනිදා. මියගියේ 18 වනිදා. මේ මිය යාම අපි සාධාරණීය කරන්න යනවා නොවේ.

මෙම රෝගියාට ආසාත්මිකතාවය ඒමට ප්‍රථම මෙම ප්‍රතිජීවක ඖෂධය 14 වරක් ලබාදී තිබෙනවා. 15 වනි අවස්ථාවෙයි ආසාත්මිකතාවය ඇතිවූයේ. ආසාත්මිකතාවයෙන් පසුව හොද අතට හැරී තිබුණා. පසුව ඔහුගේ රෝගයේ සංකූලතවයක්  හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකයට ඇතුළත් කළා. එහිදී රෝගියාගේ පැවැති රෝගී තත්ත්වය අනුව මියගොස් තිබෙනවා. මේ පිළිබදව විවෘත තීන්දුවක් ලබාදී තිබෙන්නේ.  මේ පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලැබුණු පසු රෝගියා මියයාමට හේතු වූ නියම හේතුව දැනුම් දිය හැකියි. ”  

මන්දපෝෂණ තත්ත්වය: '' ඒවා නිල දත්ත නොවෙයි''

“මෙරට මන්දපෝෂණ තත්ත්වය පිළිබදව ද මාධ්‍ය වාර්තාවක් අද පළ වී තිබුණා. වයස අවුරුදු 05 ට අඩු ළමුන් සහ මව්වරුන් ලක්ෂ 08 කට මන්දපෝෂණ තත්ත්වයක් කියලා. මෙයට පදනම්ව ඇත්තේ 2022 කරන ලද සමීක්ෂණයේ නියැදි දර්ශකයි. එය නිල දත්ත නොවෙයි. දළ ඇස්තමේන්තු දත්තයි.  ජුනි මාසේ තමයි පෝෂණ මාසය තිබුණේ. එම දත්ත විශ්ලේෂණය මේ වනවිට සිදු කරනවා.  ජුලි මාසය අවසන් වනවිට මෙහි සැබෑ දත්ත තොරතුරු අපට ලබාදෙන්නට පුළුවන්. ”

 

“මාධ්‍ය සංදර්ශණ තියන්න අපට අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය එළිකිරීම දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට කැළලක් ඇති නොවන පරිදි සිදු කළ යුතුයි. සෞඛ්‍ය සේවාවේ ඉන්න කිසිම කෙනෙක් රෝගියෙකු මියයනවාට කැමැති නැහැ. එළෙස රෝගීන් මියයාමට අපි ඉඩදෙන්නෙත් නැහැ. රෝගීන්ට දැන දැන වැරදි බෙහෙත් හොද නැති බෙහෙත් දෙන්න අපි පෙළබෙන්නේ නැහැ.

 

බාල බෙහෙත් ගේනවා කියලා එකක් අපි කරන්නේ නැහැ. බාල බෙහෙත් කියලා ජාතියක් අපට ගේන්න බැහැ වගේම ටෙන්ඩර් කරන්නේ නැහැ. අපි ගෙන්වන්නේ  එම රටවල ලියාපදිංචි කළ, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ ඖෂධ. හදිසි මිලදී ගැනීම්වලදීද එම රටවල ලියාපදිංචි කළ ඖෂධයි ගෙන්වන්නේ. අදාළ ඖෂධ ගෙනඒමෙන් පසු ගුණාත්මකභාවය අඩුවීමේ හැකියාවන් පෙන්වනවා. එය මෙයට පෙර ද අවුරුදු ගණනාවකම සිදු වී තිබෙනවා.

 

රජයේ රෝහලකට එන්න බියවෙන්න එපා !

2017 වර්ෂයේ 93 ක්, 2018 වර්ෂයේ 85 ක්, 2019 වර්ෂයේ 96 ක්, 2020 වර්ෂයේ 77 ක්, 2021වර්ෂයේ 85 ක්, 2022 වර්ෂයේ 86 ක්, 2023 මේවන විට 83 ක් ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ තිබිලා තිබෙනවා. මෙය මේ වසරේ පමණක් සිදු වූ දෙයක් නොවෙයි. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට බාලබෙහෙත් ගෙන්වා රෝගීන්ට දෙන්නේ නැහැ. කිසි දිනෙක එසේ ගෙනල්ලත් නැහැ. සෞඛ්‍ය සේවාවන් ඉදිරියටත් නිසි පරිදි සිදු කරනවා. කිසිම කෙනෙක් රජයේ රෝහලකට එන්න බියවෙන්න එපා. නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය  අපි රැකගත යුතුයි. ”

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන හැම ප්‍රශ්ණයක් පිළිබදවම සෞඛ්‍ය අමාත්‍යවරයා අප සමග දීර්ඝව සාකච්ඡා කරනවා. අවශ්‍ය සියළු උපදෙස් ලබාදෙනවා. සාක්ෂි මත පදනම්ව රෝගීන්ගේගේ සුරක්ෂිතතාවය උදෙසා ගත හැකි හැම තීරණයක්ම අපි ගන්නවා. ”

බුකිය

'' අපේ එකම අභිප්‍රාය රෝහලක් තුළ දී මෙවැනි අසාත්මිකතාවයන්ට ලක්වන සෑම රෝගියෙකු බේරා ගැනිමයි''

“ආසාත්මිකතාවයක් පැරසිටමෝල් ඖෂධයට වුවත් එන්න පුළුවන්. අපි ගිය සතියේ පේරාදෙණියේ සිදුවීමෙන් පස්සේ ලංකාවේ සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරිවරුන් සහ රෝහල්වල ප්‍රධානීන් සමග මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන ආකාරය පිළිබදව සාකච්ඡාවක් සිදු කළා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෙස අපේ එකම අභිප්‍රාය රෝහලක් තුළ දී මෙවැනි අසාත්මිකතාවයන්ට ලක්වන සෑම රෝගියෙකු බේරා ගැනිමයි. සියළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතු වී ලබන සතියේ 24 සිට සියළුම රෝහල්වල හදිසි ප්‍රතිකාර පිළිබදව සතිය පුරාම දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කර තිබෙනවා. ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයා සහ හෙදිය දක්වාම එම වැඩපිළිවෙල දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ”  

'' ඖෂධ 60 ක 70 ක හිඟයක් තිබුණා'' - අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මෙසේ පැවසිය.

  “ආර්ථික අර්බුදය සමග අපට භාණ්ඩාගාරය උපදෙස් ලබාදුන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට විදේශ විනිමය අවශ්‍ය වන බව. එමෙන්ම දේශීය වශයෙන් ද මුදල් අත්‍යාවශ්‍ය වුණා. එම හිඟකම නිසා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන  ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුව පමණක් ප්‍රමුඛතාවය මත හැදුවා. ඒ ඖෂධ 383 ක් සදහා. රටේ ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සදහා මෙම ඖෂධ ප්‍රමාණවත් බව විශේෂඥ වෛදවරු නිර්දේශ කර තිබුණා. ඒ අවස්ථාවෙත් ඖෂධ 60 ක 70 ක හිඟයක් තිබුණා. එයට හේතුව ප්‍රමාණාත්ම්කව එම ඖෂධ අවශ්‍ය වන්නේ කුඩා ප්‍රමාණයක් වන නිසා. 250 ක්, 450 ක්, 1000 ක් වැනි ප්‍රමාණයක් වසරටම.

සමහර ඖෂධ තිබුණා  5000 ක් 25000 ක් වගේ වාර්ෂිකව අවශ්‍ය වන. එම ඖෂධ වල මිල අඩුයි. එම නිසා අපේ සැපයුම්කරුවන් එම ඖෂධ ගෙන්වාදීමට ඉදිරිපත් වන්නේ නැහැ ලියාපදිංචිය සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරිමට සිදුවන නිසා. ඒ අනුව ඖෂධ 70 ක පමණ හිඟයක් තිබුණා. ඒ හිඟය මඟහරවා ගැනීමට ප්‍රාදේශීය වශයෙන් මිල ගණන් කැඳවා මිල දී ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබුණා. ආර්ථීක අර්බුදය යම් මට්ටමකට මගහැරෙන විට විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටියා 383 පමණක් නොවෙයි යම් ප්‍රමාණයක් හෝ අනෙකුත් ඖෂධත් ලබාදෙන්න කියලා. ඒ අනුව දැනට මාස දෙකකට පමණ පෙර එම ප්‍රමාණය 850 දක්වා වැඩි කළා. ඒ අනුව අදාළ ඇණවුම් ලබාදී තිබෙනවා. තවත් මාස 04 ක් පමණ ගතවෙයි නිෂ්පාදනය කර මේ රටට ගෙනඒම සදහා.

අන් ක්ෂේත්‍රවලට මෙන්ම සේඛ්‍ය ක්ෂේත්‍රයට ද ආර්ථික අර්බුදය බලපෑවා. මොකද සෞඛ්‍ය සේවාව සදහා විශාල වශයෙන් විදේශ විනිමය අවශ්‍ය වන නිසා. සියයට 80 ක් ඖෂධ මෙරටට ආනයනය කරන්නේ පිටරටවලින්. සියයට 20 ක් පමණ මෙරට නිෂ්පාදනය කරනවා. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් තුලින්. මීට අවුරුදු 02 කට පෙර එකසිය ගණනක් රටේ නිෂ්පාදනය කළේ. සියයට 15 කටත් වඩා අඩු ප්‍රමාණයක්. දැන් සියයට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට අපේ රට තුළ දේශීය ඖෂධ 351 ක් නිෂ්පාදනය කරනවා. ඉතිරි ප්‍රමාණය විදේශ විනිමය පාවිච්චි කර මේ රටට ආනයනය කළ යුතු වෙනවා.

 

අපි ආනයනය කරන ඖෂධ වලින් සියයට 80 ක් ම ඉන්දියාවෙන් ආනයනය කරන්නේ. ඉන්දියාව මුළු ලෝකයටම ඖෂධ ලබාදෙන රටක්. ආර්ථික අර්බුදය නිසා අපට ඩොලර් නැති නිසා ඩොලර් මිලියන 200 ක ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එකක් හදුන්වා දී තිබුනා. ඉන් මිලියන 194 ක් ඖෂධ ලබාගැනීමට භාවිත කර තිබෙනවා. ඖෂධ 679 ක් සදහා ඇණවුම් බාරදී තිබෙනවා. එයින් මේ වනවිට ඖෂධ 278 ක් මෙරට රෝහල්වලට ලබාදී භාවිතයේ තිබෙනවා.”

 

ඖෂධ වල ප්‍රමිතිය බාල ද ?

“දැන් කථිකාවතක් යනවා එම ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ලද ඖෂධ වල ප්‍රමිතිය බාල බවට. එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එක් ඖෂධයක පමණයි යම් කාරණා වාර්තා වුණේ එම ඖෂධය ලබාදීම මේ වනවිට අත්හිටුවා තිබෙනවා. අනෙක් ඖෂධ 277 ම මේ රටේ ජනතාව පාවිච්චි කර තිබෙනවා. මේ අවස්ථාවේ එම ණය යෝජනා ක්‍රමය යටතේ 178 ක අත්‍යාවශ්‍ය ඖෂධ ටික ගෙන්වීමට නොහැකි වූවා නම් අත්‍යාවශ්‍යම ඖෂධ විශාල ප්‍රමාණයක් ගෙනඒමට නොහැකි වෙනවා. එසේ වූවා නම් මේ රටේ විශාල රෝගීන් ප්‍රමාණයක් මිය යන්නේ ඖෂධ නැතිව. යම් යම් පාර්ශ්ව එය බලාපොරොත්තු වෙන්න ඇති.”

“සෑම වසරකම සෞඛ්‍ය පද්ධතිය තුළ වැඩපිළිවෙළක් තිබෙනවා සෑම රෝහලකම අහිතකර ප්‍රතික්‍රියාවන් පිළිබදව කිසියම් හෝ ගැටළුවක් එනවා නම් එවා පොත්වල ලියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට, වෛද්‍ය සැපයුම් අංශයට සහ ඖෂධ නියාමන අධිකාරියට දැන්වීමට. ඒ අනුව 2017 වසරේ සිට 2023 වසර දක්වා තොරතුරු අපි ලග තිබෙනවා. 2017 වර්ෂයේ 93 ක්, 2018 වර්ෂයේ 85 ක්, 2019 වර්ෂයේ 96 ක්, 2020 වර්ෂයේ 77 ක්, 2021 වර්ෂයේ 85 ක්, 2022 වර්ෂයේ 86 ක් එවැනි සිදුවිම් වාර්තා වෙනවා. 2023 වර්ෂයේ මේ වන විට එවැනි සිදුවීම් 63 ක් වාර්තා වී තිබෙනවා. 

 

2017 වර්ෂයේ නිෂ්පාදන 60 ක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය අළුත් දෙයක් නොවෙයි. ලෝකයේ හැම රටකම මේ ආකාරයට අධීක්ෂණයන් කරනවා. එහෙම කරන්නේ ඉදිරියේ දී ඇතිවන තත්ත්වයන් වළක්වා ගැනිමට. කරුණු එකක් දෙකක් ඇති වුණාම සමස්ත සෞඛ්‍ය පද්ධතිය පිළිබදවම අවිශ්වාසය ඇතිවන පරිදි කටයුතු කරනවා නම් එය ගැටළුවක්.”  

 

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විඡේසූරිය සහ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ හේරත් ද එක්ව සිටියහ.

 

ඖෂධ ගැටලුව තවත් බල දේශපාලන  ව්‍යාපෘතියක් ද?


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ සිදුකරන දේශපාලන විග්‍රහයක් පහත වීඩියෝවේ

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්