The Leader News
BREAKING
Top Ad
පුවත්

විපක්ෂනායක සජිත්ගේ පෞද්ගලික ලේකම් රවී ජයවර්ධන

T

The Leader Desk

January 12, 2020 • 3:45 AM

විපක්ෂනායක සජිත්ගේ පෞද්ගලික ලේකම් රවී ජයවර්ධන 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාදුළුවාවේ සෝභිත නා හිමියන් විසින් ගොඩනැගු 'සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යපාරයේ' ප්‍රධානියකු වන රවී ජයවර්ධන, මාදුළුවාවේ සෝභිත නා හිමි අනුස්මරණ පදනමේ සභාපතිවරයා ද වේ.
  • එකල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ 'හෙජින් ගිවිසුම' ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රට හමුවේ පළමු වරට කරුණු අනාවරණය කරනු ලැබූවේ ශ්‍රිරාල් ලක්තිලක, රවී ජයවර්ධන, රෝහණ ගමගේ ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් සමන්විත 'දුෂණ විමසුම' සංවිධානයයි.
  • යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රවී ජයවර්ධනව ජාතික රුපවාහිනියේ සභාපති ලෙස පත්කරනු ලැබූ අතර අනතුරුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස ද පත් කළේය.
  • මීට පෙරාතුව ඔහු කලක් බන්ධනාගාර කොමසාරිස් ධූරයද හෙබවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාදුළුවාවේ සෝභිත නා හිමියන් විසින් ගොඩනැගු 'සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යපාරයේ' ප්‍රධානියකු වන  රවී ජයවර්ධන,  මාදුළුවාවේ සෝභිත නා හිමි අනුස්මරණ පදනමේ සභාපතිවරයා ද වේ.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රවී ජයවර්ධන කලක් හොරණ එජාප සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර 'දුෂණ විමසුම' නමින් සංවිධානයක්  ගොඩනගමින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ බරපතල වංචා දුෂණ රැසක් හෙළිදරව් කිරීමට ද එකල දායකවිය.  

එකල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ  'හෙජින් ගිවිසුම' ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රට හමුවේ පළමු වරට කරුණු අනාවරණය කරනු ලැබූවේ ශ්‍රිරාල් ලක්තිලක, රවී ජයවර්ධන, රෝහණ ගමගේ ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් සමන්විත 'දුෂණ විමසුම' සංවිධානයයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රවී ජයවර්ධනව ජාතික රුපවාහිනියේ සභාපති ලෙස පත්කරනු ලැබූ අතර අනතුරුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස ද පත් කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු වන රවී ජයවර්ධන, එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

මීට පෙරාතුව ඔහු කලක් බන්ධනාගාර කොමසාරිස් ධූරයද හෙබවිය.

Ravi jayawardena 696x398

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...