ජනපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන්නේ ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් හෙට

(26) දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජාතික ජන බලවේගය සහභාගී නොවන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නේත්ති සඳහන් කර ඇත.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික හමුවක් ජුලි 26 වන දින (බදාදා) පස්වරු 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වල නායකයින්ට මේ සඳහා සහභාගිවන මෙන් ජනාධිපති කාර්යාලය විසින් මේවනවිටත් ආරාධනා කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

'බොරු රංගනයක්' - මහාචාර්ය චරිත හේරත්

ජුලි 26 වන බදාදා දිනයේ කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති වික්‍රමසිංහ ගේ ඊලග ජනාධිපතිවරණය සඳහා වූ බොරු රංගනයක් බව නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු එබව සඳහන් කළේ නිදහස ජනතා සභා මුලස්ථානයේ ඊයේ (24) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකදීය.

'' රනිල්ගේ සර්ව පාක්ෂික ලණුව අපි භාර ගත් යුතු නැති බව මගේ පෞද්ගලික අදහසයි. බොරු සර්වපාක්ෂික රැස්වීම වලට පෙර 13 වන සංශෝධනය ගැන ආණ්ඩුවේ මතය කියන්න. රනිල් එකක් කියනවා. දිනේශ් වෙන එකක් කියනවා. සාගර තව එකක් කියනවා. ඒ අය අතරවත් එකගතාවක් නැහැ. ආන්ඩුවේ එක මන්ත්‍රිධූරයක් තියෙන ජනාධිපතිතූමාගේ පක්ෂය මේකට කැමතියි. මන්තීධූර දෙකක් තියෙන අගමැති දිනේශ් අකමැතියි. මන්ත්‍රීධූර 90 විතර තියෙන පොහොට්ටුව අකමැතියි. සාගර ඒක එලිපිටම කිව්වා. ඒ නිසා සර්ව පාක්ෂික රැස්වීම් තියන්න ඉස්සර ආණ්ඩුවේ අය එක මතයකට ඇවිත් කියන්න. මේ සර්ව පාක්ෂික රැස්වීම ගැන නිදහස ජනතා සභාවේ තීරණය ඉදිරියේදී ගනිවි. ඒත් මගේ පෞද්ගලික අදහස වන්නේ මේක බොරු රංගනයක් කියන එකයි.'' මහාචාර්ය චරිත හේරත් එම මාධ්‍ය හමුවේදී පැවසිය.

 
මේ අතර ඊයේ දින (24) මාධ්‍ය හමුවකට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසුයේ, ජනාධිපතිවරයා කැඳවා තිබෙන සර්වපාක්ෂික හමුවට සහභාගි වී සර්වපාක්ෂික හමුව කියන දේශපාලනකියන නාඩලම තුල ජීවිත පුදා උදාකරගත් සාමය නැති කර දැමීමට ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණය හෙළිදරව් කරන වේදිකාවක් බවට මෙය පත්කර ගන්නා බවයි.
 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්