ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරු 3.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ජාතික ජන බලවේගය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ එම සමුළුවට සහභාගී වන බව තහවුරු කර ඇත.

දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කරන ගැටළු පිළිබඳ සෙසු පක්ෂවල අදහස් විමසීම එම සමුළුවේදී සිදු කෙරුණු ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති එම සර්ව පාක්ෂික සමුවට සහභාගී නොවන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසිය.



''දේශපාලන උප්පරවැට්ටි නැතිව එන්න'' -විපක්ෂ නායක


ජනතාව වෙනුවෙන් සිය පක්ෂය එම සාකච්ඡාවට සහභාගී වන බව සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ ප්‍රකාශ කළේය. කෙසේවෙතත් එම සාකච්ඡා රටට වැඩදායී නොවන්නේ නම් ඉන් ඉවත් වන බව විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 'සක්වල වැඩසටහන' යටතේ  ඊයේ (25) බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සාකච්ඡාවක් සඳහා එන ලෙස ආරාධනා කර ඇති බවත් මෙය සර්ව පාක්ෂික සාකච්ඡාවක් බවට දැන ගන්නට ඇති නමුත් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් තුළ පොදු න්‍යායපත්‍රයක්, වැඩපිළිවෙළක් සාමූහිකත්වයක් එකමුතුකමක් හෝ එක මතයක පිහිටා කටයුතු කිරීමක් දක්නට නොමැති බවත් යම් හෙයකින් විපක්ෂය මෙම සාකච්ඡාවට යන්නේ රට ගැන සහ ජනතාව ගැන සිතා බවත් එහි දී මෙම සාකච්ඡාවත් සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 ආණ්ඩුවේ සාකච්ඡාවක සාර්ථකත්වය ක්‍රියාත්මක වන්නේ එය සත්භාවයෙන් සිදුවන්නේ නම් පමණක් බව පැවසු විපක්ෂ නායකවරයා, එය දේශපාලන උප්පරවැට්ටි ජිල්මාට් නොවිය යුතු බවත් රට දැය වෙනුවෙන් කරන වැඩක් ලෙස සාකච්ඡා සාර්ථක වෙන්න නම් පිරිසුදු පවිත්‍ර චේතනාවෙන් එම සාකච්ඡා සිදුවිය යුතු බවත් කියා සිටියේය.


එසේම රජයට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් මෙම සාකච්ඡා සඳහා කැඳවුවත් එහි න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු ගැන තවම දැනුවත් නොමැති බවත් විපක්ෂය මේ සඳහා සහභාගී වන්නේ රටට යහපතක් වෙයි කියා අපේක්ෂාවෙන් ජනතාව පැත්තෙන් සිතා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා අතර මත ගැටුම් රාශියක් මතුව තිබෙන බවත් සාකච්ඡාවට පැමිණීමට පෙර එම මතගැටුම් සමතයකට පත් කර එක මතයකට එන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්