රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටි මඩපටි ගැන කතාකර කර සිටිනවා වෙනුවට මේ රටේ ආර්ථිකය විනාශ කළ

බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන් නිසි තැන සිටවිය යුතුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.

ඔහු එබව කියා සිටියේ, පෙරේදා (11) හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ පැවති පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මෙසේද කියා සිටියේය.

“අපට ඡන්දේ නොදීපු මිනිස්සු පවා අද ගෝඨාභය රාජපක්ස ජනාධිපතිතුමාගේ මේ රජයේ වැඩපිළිවෙල හොඳයි කියනවා. එහෙම හොඳයි කියලා කියන ඒක එතුමා බලයට පත්කරන වැඩකරපු අපි හැමදෙනාටම ගෞරවයක් සතුටක්. අද රට නියම මගට රට නිසි මගට යොමු කරන්න ආරම්භ කරලා තියෙනවා.

මේ රටේ අද මොකක්ද පළමුවැනි මාතෘකාව. හැමදෙනාම කතාකරන්නේ මොකක් ගැනද ? හඬ පටි මඩපටි.  අපිට අවශ්‍ය කරන්නේ මේ හඬපටි මඩපටි ගැන කතා කර කර  ඉන්න එකද?  අපිට ඕනේ මේ රට සංවර්ධනය කරන්න. අපිට ඕනේ මේ රටේ ආර්ථිකය කාපු  ආර්ථික ඝාතකයෝ  ටික  බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන්  මේ රටට වින කරපු වැරදි  සියලු දෙනා  නිසි තැන හිටවන්න. ඒ විතරක් නෙවෙයි  රට ඉදිරියට  ගෙන යන ගමන අලුතින් හිතන්න”

 

වාසු අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි!

WasudewaNජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

මේ අතර ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරගෙන යන පරීක්ෂණ වල වර්තමාන තත්වය දැන ගැනීමට කටයුතු කරන බවයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එල්ල වී තිබෙන බරපතළ චෝදනා සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට තමාට වාර්තා වන නිසා ඒ බව ලිඛිතව අල්ලස් කොමිසමෙන් විමසීමට කටයුතු කරන බව ද වාසුදේව නානායක්කාර කියා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් වෙනත් රටකට පැන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවත් ඔවුහු දිගින් දිගටම මේ ආකාරයෙන් සැඟවී සිටීම තුළින් පරීක්ෂණ වලට බාධා පැමිණ නිසා ඔහු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීමේදී හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ විශාල කාර්යභාරයක් සිදුකර ඇති බැවින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම කඩිනමින් පියවර ගත යුතු බවද රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්