සටකපට දේශපාලන උප්පරවැට්ටි උපයෝගී කර ගනිමින්, විපක්ෂය බෙදෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් උත්සාහය

මුළුමනින්ම අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව කියා සිටියේ, නිදහස ජනතා සභාව විසින් අද (27) සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසිය.

''සංහිදියාව ගැන සර්ව පාක්ෂික සමුලුවක් තියන්න ගිහින් මේ පාර නම් ජනාධිපතිතුමාට වැඩේ වැරදුනා. සමුළුව සම්පූර්ණයෙන් අසාර්ථකයි .

සර්ව පක්ෂික සමුලුවක් ගැන නිදහස් ජනතා සභාවට ලැබුන ආරාධනය සැක සහිත උනත් ගියේ වගකිව යුතු විපක්ෂයක් විදියට.කරන්නේ සම්පූර්ණ බොරුවක් බව මාධ්‍ය සංදර්ශනයක් බව එතනදී පැහැදිලි උනා. මෙදා පාර කවුරුවත් රැවටුනේ නෑ. විපක්ෂ අතර බලාපොරොත්තු වූ බෙදීම ඇති කරන්න ජනාධිපතිට බැරි උනා. බලය විමධ්‍ය ගත කරන්නට පෙර පලාත් සභා චන්ද තියන්න කියන ස්ථාවරය සියලූම පක්ෂ ගත් නිසා ජනාධිපතිවරයා තමන් අටවන්න ගිය උගුලේ තමුන්ම පැටලුනා.

ආරංචි විදියට සමුළුව හදිසියේ අවසන් කොට නැගිට යන්නට ජනාධිපතිවරයාට සිදු වි තිබෙනවා. වසර 4 තිස්සේ මහජන චන්ද නොතියා පලාත් සභා චන්ද කලදාන ජනාධිපතිවරයා දැන් බලය ඉල්ලන්නේ ඔහු විසින් පත්කරන ආන්ඩුකාරවරුන්ටද ?  දෙමල පක්ෂත් එකග නම් වැඩිපුර බලය දෙන්නට පෙර තිබෙන බලතල යටතේ මැතිවරණයකට යන්නට බැරි ඇයි ?. සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති වරයාගේ චන්ද ගුන්ඩුවක් බව කාටත් පැහැදිලියි.                  

ඒබ්‍රහම් ලින්කන්ගේ කියමනක් තිබෙනවා, ඔබට ටික දෙනෙක්ව හැමදාම රවටන්න පුලුවන් හැම දෙනෙක්ම ටික කාලයක් රවටන්න පුලුවන් නමුත් හැම කෙනෙක්ම හැමදාම රවටන්න බෑ කියා.




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්