කොළඹ ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම අත්හිටුවීමේ අවදානමක් ඇති බව රජයේ

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

ඖෂධ හිඟය හේතුවෙන් එම රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් අත්හිටුවීමේ අනතුරුහැඟවීමක් කර ඇති බවත් ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවත් අලුත්ගේ කීය.

හදිසි මිලදී ගැනීම්වලදී ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ 20 ට හෝ 30 ට මිලදීගන්න සිදුවන බව කී වෛද්‍ය අලුත්ගේ, පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ඒවා ගෙනත් ගබඩා කර තිබිය හැකි බව ද සඳහන් කළේය.

(lankadeepa.lk)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්