ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හලවලට එරෙහිව

දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්‍රල් තොග සහ පිරවුම්හල් 61 ක ඔටෝ ඩීසල් තොග සියයට 50 ක අවම ප්‍රමාණයක් ඊයේ වනවිට පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බව ද ඇමතිවරයා කියා සිටියි.

ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණය පවත්වා ගෙන ගොස් නොමැති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

xsfgert

නිසි පරිදි ඉන්ධන තොග පවත්වා ගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කිහිපයක පාලනය ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට මීට පෙර කටයුතු කර තිබිණ.



තවත් පිරවුම්හල් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද ඛණිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කළ බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඇනවුම් සිදුකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්