ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව,

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, මෝදරදී ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ද ඇතුලත් පුළුල් සන්ධානයක් ගොඩනගන බව පැවසු රවී  කරුණානායක, ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වන්නේ ස්වාධින අපේක්ෂකයා ලෙස බවද අනාවරණය කළේය. පුළුල් සන්ධානයක අවශ්‍යතාවය ඔහු දැඩිව අවධානරණය කළේය.

සමගි ජන බලවේගය හිටපු නායකයකු වන පී. හැරිසන්, අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ද මෙම රැස්වීම ඇමතුහ.

UNP 2023 07 30 at 22.03 1

UNP 2023 07 30 at 22.03 2

UNP 2023 07 30 at 22.03 3

UNP 2023 07 30 at 22.03 4

 

‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘ - රුවන් විජේවර්ධන

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසන්නේ, 2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

'' ජනාධිපති වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට අප සමග එක්වීමට බොහෝ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගය පොදුජන පෙරමුණ ආදී පක්ෂවල බොහෝ දෙනකු අපි සමග එකඟත්වය පැමණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී අප සමග එක්ව තරග කිරීමට නියමිතයි. ''

'' ලබන වසරේදී ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණීමට නියමිතයි. ලබන වසර මැතිවරණ වසරක් වෙනවා.''

'' උද්ධමනය අඩුඋවත් බඩු මිල අඩු නොවීම පිළිබදව ජනාධිතුමාගේ අවදානය යොමු වෙලා තියෙනවා. යම්කිසි වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි රටේ බඩු මිල පාලනය සදහා '' යැයි ද රුවන් විජේවර්ධන වැඩිදුරටත් පැවසීය.


මැතිවරණයක් ගැන විපක්ෂනායකත් කතා කරයි

රටට පැහැදිලි වෙනසක් අවශ්‍ය බවත්, ඒ නිසා රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ආණ්ඩුව ගෙන යන නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙසත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (30) අනුරාධපුරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්