leader s

ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පුර්ණ වුව ද මේ දක්වා අහිමි වී ඇති පුරවැසිභාවය හා

අනෙකුත් අයිතිවාසිකම් ලබා දෙන්නැයි ඉල්ලා ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ 'මලෙයියහ දමිල' ජනතාව රජයට ඉල්ලීම් 11ක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම සඳහා ඔවුන් තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා පා ගමනක නිරත වේ.

ජූලි 28 සිට ආරම්භ වූ එම පා ගමන අගෝස්තු 12 අවසන් වීමට නියමිතව ඇත. ඔවුන්ගේ මුතුන් මිත්තන් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට පැමිණ මාතලේට ළඟා වූ ගමන් මාර්ගයම මේ පා ගමන සඳහා තෝරාගෙන ඇත.

තම ප්‍රජාවට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව අයිතිවාසිකම් බවත් ඒවා දින ගැනීම සඳහා රටේ අනෙකුත් ජන කණ්ඩායම් සහය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මලෙයියහ දමිල ප්‍රජාව BBC සිංහල සේවයට පැවසූහ.

 

 
(BBC සිංහල සේවය)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්