පදක්කම් ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනීයද වන දමයන්ති දර්ශා

ශ්‍රී ලංකාව අත්හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබේ.

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් තමන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවත් එවැන් තත්වයක් තුළ තමන් ශ්‍රී ලංකාව හැරයාමට තීරණය කළ බවද ඇය මාධ්‍ය වෙත පවසා ඇත.

“ඇත්තටම අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේවල් කැප කරපු ක්‍රීඩිකාවන්. එහෙත් අපේ දැනුමෙන් හැකියාවෙන් මෙරට මලල ක්‍රීඩාවට දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ නිසා මම තීරණය කළා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යන්න. නැවතත් දැන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඒ අනුව මේ වනවිට ඇය සිය සැමිය සහ දරු තිදෙනා සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා මෙරටින් පිටව ගොස් ඇත.

(lankatruth.com)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්