හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ආණ්ඩුව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය.

බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඒ යටතේ අවුන් සාන් සුකී හටද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී තිබේ.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ස්කයි පුවත්' සේවය පෙන්වා දෙන්නේ අවුන් සාන් සුකී හට මිලිටරි ආණ්ඩුව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි. චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14 ක් තිබෙන බව 'ස්කයි පුවත්' සේවය වාර්තා කර ඇත.

වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඊයේ (ජුලි 31) ඇයව රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා රැගෙන ගිය බවත් චෝදනා 5 ක් සඳහා පොදු සමාව ලබා දුන්නද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇතැයි 'ස්කයි පුවත්' සේවය සඳහන් කර තිබේ.



Aung San Suu Kyi receives partial pardon from Myanmar's military junta but to stay under house arrest

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්