ශ්‍රී ලංකාවේ ජනතාවට නවීන තාක්‍ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට

අදාළ ටෙන්ඩරයට විදෙස් රටක තානාපති කාර්යාල නිලධාරීන් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඩිජිටල් හැඳුනුම්පත සඳහා ඉන්දිය රජය ඉන්දීය රුපියල් කෝටි 300ක සහනාධාරයක් ලබාදීමට එකඟත්ව පළකර ඇති අතර අදාල ව්‍යාපෘතිය ඉන්දීය සමාගමට පැවරිය යුතුබවට වූ කොන්දේසියක් ද ඒ සමග ම ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මෙම ටෙන්ඩරය සඳහා ඉන්දීය සමාගම් 7 ක් පමණ ඉදිරිපත් වීමට කැමැත්ත පළකර ඇති අතර අදාල ටෙන්ඩරය හෙට (20) දිනයෙන් අවසන් වනු ඇත.

කෙසේවුවද මෙම ටෙන්ඩරයේ ඇති තාක්ෂණික කාරණා පිලිබඳ පවතින ගැටළු සහගත තත්වයන් තුළ ටෙන්ඩරය අවසන් කරන දිනය සතියකින් දීර්ඝ කරන ලෙස ටෙන්ඩරයට ඉදිරිපත් වීමට නියමිත ඉන්දීය සමාගම් හතෙන් පහක්ම කැබිනට් මණ්ඩලය විසින් පත්කළ අමාත්‍යංශ ලේකම්වරු තිදෙනෙකුගෙන් සමන්විත ශක්‍යතා කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතත් එය මුළුමනින්ම නොසලකා හැර තිබේ.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ රජයේ උපදේශකයකු ඉහත කමිටුවට අනිසි බලපෑම් කරනු ලබන බවයි.

මෙම ටෙන්ඩරය තුල පවතින අවුල් සහගත තත්ත්වය තුළ එහි තාක්ෂණික කටයුතු ඇගයීමට ලක්කළ සමාගමද  ඉවත්ව තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්