නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ‍කුමාර වෙල්ගමට

අද (03) දහවල්  විශ්‍රාමික විදුහල්පතිවරයෙක් විසින් පහර දී ඇත.

 ඉඩම් ආරවුලක් හේතුවෙන් එසේ පහරදී ඇති බව සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන මතුගම පොලිසිය පවසයි.

දහවල් 1.50ට  පමණ මතුගම අලුත්ගම ප්‍රධාන මාර්ගය අසල එළවළු වෙළඳහල් තුළ සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව විශ්‍රාමික විදුහල්පතිවරයා මන්ත්‍රීවරයාට පහර දී ඇත.

මෙම විශ්‍රාමික විදුහල්පතිවරයා අගලවත්තේ බෙල්විල පදිංචිකරුවෙකි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පොලිසිය විසින් සැකකාර විශ්‍රාමික විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්