යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවට වන පණිවිඩය

ගොවි ජනතාවට ලබා නොදීමේ වගකීම ඊට අදාළ සියලු අංශ විසින් භාරගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙවර යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවිම මෙන්ම ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවට ගොවි ජනතාවට කිසිදු අංශයකින් දැනුම්දීමක් සිදුකර නොතිබූ බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මේ හේතුවෙන් ගොවි ජනතාව විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කිරිමට පියවර ගෙන තිබේ.

එබැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය ද විශාල මූල්‍ය සහනාධාරයක් පොහොර සැපයීම වෙනුවෙන් එම ජනතාවට ලබාදීමට පියවර ගැනීම තුළ රජයට ද විශාල පාඩුවක් සිදුව ඇති බව සදහන්ය.

මෙම නියඟය හා ජල හිඟය සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් නොකිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශ බාර ගත යුතු බව මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්