හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා

හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය සැපයීම පිළිබඳ ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ අනුව වීරකැටිය නිවසේ පැවති උත්සවයකට ආරක්ෂක පහන් සවිකරන ලෙස එම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම ඉල්ලීමට අනුව තාවකාලිකව විදුලිය සපයා, ආරක්ෂක පහන් සවිකර, විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර තිබේ.

මේ අනුව, ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246යි ශත 57ක වියදමක් දැරීමට විදුලි බල මණ්ඩලයට සිදුව ඇත.

නමුත් තවමත් එම මුදල ගෙවා නොමැති බව විදුලි බල මණ්ඩලයට සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය විසින් මෙම තොරතුරු මොහුට ලබාදී තිබේ.

fdfrනලින් හේවගේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පැවසුවේ, මෙම විදුලි බිල්පත, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගලෝත්සවයට අදාළ විදුලි බිල්පතක් වන බව ය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් හේවගේ මෙසේ පැවසිය.

''කෙලිං වැඩ කරනවා නම් මිහින්තලේ කපපුවා වගේ කපන්න පුළුවන් විදුලි බිලක් අද ඔයාලට අපි ඉදිරිපත් කරනවා. මේ මගේ අතේ තියෙන්නේ, විශේෂයෙන් විදුලි බල මණ්ඩලයෙන් මම ගිය මාසෙ 26 වනදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා අද දිනයේ මගෙ අතට පත් වෙච්ච 2019 නව වෙනි මාසෙ දොළොස් වෙනිදා ඉඳලා 2019 නවයයි පහළව දක්වා නාමල් රාජපක්ෂ මහත්තයගෙ කාල්ටන් නිවාසයේ පැවැත්වුණු ඒ විවාහ වීමේ මහා මංගලෝත්සවය. අලුතින් විදුලි රැහැන් ඇදලා, විදුලි පද්ධතියක් නිර්මාණය කරලා, ජෙනරේටර් දීලා මේකට විදුලිය දෙනවා. මේ නාමල් මහත්තයගේ වෙඩිං එකේ විදුලි බිල තියනවා රුපියල් විසි හය ලක්ෂ අසූ දෙදාස් දෙසිය හතළිස් හයයි ශත පනස් හතක්. ප්‍රශ්නෙ තියෙන්නේ මේ විදුලි බිල අද වෙනකං ගෙවලා නෑ. වලවුවක් තියෙන්නේ පන්සලට ඉහළින් වෙන්න බෑ. වලවුවක් තියෙන්න ඕනේ පන්සලට පහළින්. ඒ නිසා ඓතිහාසික පුදබිමක විදුලිය කපන්න පුළුවන් නම් ඊට පහළින් තියන වලවුවෙත් වහාම විදුලිය විසන්ධි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා''


නාමල්ගේ ලේකම්ගෙන් ලිපියක් 

මේ අතර, අදාළ ලිපිය පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය මඟින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යය මඟින් ප්‍රචාරය වන ලිපියට අදාළව විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම්, එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න වග හා එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන්ය.

fge45
මේ අතර, මිහින්තලා පුජා භූමියේ රුපියල් ලක්ෂ 41ක් වූ විදුලි බිල සමගි ජන බලවේගය විසින් ගෙවා දැමීමට අද කටයුතු කළ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ දානපතීන්ගේ පරිත්‍යාගයෙන් එය ගෙවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

විදුලි බිල ගෙවූ පසු මිහින්තලා පුදබිමේ විදුලි සබඳතාව අද පස්වරුවේම යළි ප්‍රතිස්ථාපනය කර තිබිණි.

මිහින්තලා පූජා භූමියේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ පියවර ගත් අතර, 2022 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් හතළිස් එක්ලක්ෂ හතළිස්දහසකට වැඩි විදුලි ගාස්තුවක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම විදුලිය විසන්ධි කිරීම සිදුකර තිබිණි.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ලබා දී තිබූ සහන කාලය ද අවසන් වූවත් ගෙවීම් පැහැර හැර තිබීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ බවයි.

මේ අතර, ඊයේ රාත්‍රියේ මිහින්තලා පුදබිම නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් 50කට ආසන්න පිරිසක් පැමිණ තිබූ අතර, ඔවුන් පන්දම් දල්වා ගනිමින් පූජා භූමිය වෙත ගමන් කරනු දක්නට ලැබිණි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්