leader s

උතුරු නැගෙනහිර යා කෙරෙන සීමාවේ පදිංචි දෙමළ ජනයාගේ ඉඩම් බෞද්ධ භික්ෂුවක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.

තෙන්නමරම්වාඩි ප්‍රදේශයේ දෙමළ පවුල් 92 කට අයත් ගොවිබිම් ඇතුළු ඉඩම් අක්කර 150 ක් මෙසේ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට වෑයම් කරන්නේ පුල්මුඩේ, අසිරිමලේ ආරණ්ය සේනාසනයේ ප්‍රධානි පනාමුරේ තිලකවංශ හිමියන් විසින් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

 උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායකද වන එහිමියන්, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.

ඉඩම් හිමියන්ට ලඟා වීමටවත් ඉඩ නොදී පනාමුරේ තිලකවංශ හිමියන් එහි ඇති ගස් කපා දමා වගා බිම් බෞද්ධ විහාරයට ඈඳා ගනිමින්, පුජා භූමියක්  ලෙස නම් කර ඇත.

යුද සමයේ තෙන්නමරන්වාඩියේ වාඩිලා සිටී හමුදාව විසින් ඉදි කෙරුණු බුදු රුවක් වටා ඇති දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් ආක්‍රමණය කරන බවයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ.

රජයේ නිලධාරින් බලා සිටිය දී කෙරෙන මේ බලහත්කාරී ඉඩම් ආක්‍රමණය නවතා තම වගා බිම් නැවත ලබා දෙන ලෙස ඉඩම් අහිමිවූවන් විසින්  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා තිබේ.
 

357428299 597845109129492 1385371961916401370 n

 ආරක්ෂක සෙබළුන්ගේ රැකවරණ යටතේ මුහුදුබඩ ඉඩමක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවක විරෝධය පෑ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට තිලකවංශ හිමියන් ගේ ශරීරාරක්ෂකයෙක් ගිනි අවි අමෝරා තර්ජනය කළ ආකාරය ඉකුත් අප්‍රේල් මාසයේ වාර්තා විය.

රජයේ හමුදා විසින් වසර ගණනාවක් පුරා දෙමළ ජනයාට එල්ල කරන ලද නිරන්තර ප්‍රහාර හමුවේ සිය ගනනක් මිය ගිය අතර විටින් විට දිවි ගලවා ගැනීමට වෙනත් ප්‍රදේශය වෙත පළා ගියවුන් නැවත පදිංචි වීම වළක්වමින්, ආපසු පැමිණි දෙමළ ජනයාට ද පහර දී තිබුණු අවස්ථා බොහෝය.
 
1985 පෙබරවාරි මාසය වන විට කොක්කිලායි, කරුණාඅඩුකේනි, කොක්කුතොඩුවායි, අලම්පිල්, නයාරු, චෙම්මලෙයි, කුමුලමුනෙයි, ආන්දන්කුලම්, ආරුමුගන්තන්කුලම්, මුරිප්පු සහ තෙන්නයිමරවාඩි ගම්මානවලින් දෙමළ සහ මුස්ලිම් සරණාගතයන් 10,000ක් පමණ කඳවුරුවල සිටි බවට මුලතිව් කච්චේරි වාර්තා සනාථ කරයි. රජයේ හමුදා මගින් ප්‍රදේශයේ දෙමළ ජනයා සැලසුම් සහගතව ඉවත් කරනු ලැබුවේ කොක්කිලායි සහ නයාරු ප්‍රදේශවල සිංහල පදිංචිකරුවන්ට ඉඩ සැලසීම සඳහා බවට මුල් පදිංචි කරුවෝ කරුණු දක්වති.

දෙමළ ක්‍රියාධරයන් පෙන්වා දෙන පරිදි එම සැලසුමේ අරමුණ උතුරු නැගෙනහිර පළාත් දෙක මැදින් සිංහල ජනාවාස තීරුවක් ස්ථාපිත කිරීමයි.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්