මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි.

මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා, මවගේ පාංශුකූල කටයුතු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදු කර ඇත.

අරලගංවිල සූරියගල රුහුණගම පදිංචිව සිට 66 හැවිරිදි මවක ඉකුත් දෙවැනිදා මියගොස් තිබේ. පසුව මවගේ පාංශුකූල කටයුතු කිරිමට ගම්මානයේ විහාරස්ථානයට ගිය එම මවගේ පුතා විහාරාධිපති ස්වාමින්වහන්සේට ආරාධිනා කර ඇත. එය සිදුකිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බවට අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල පැමිණිලි කර ඇත.

අනතුරුව විහාරාධිපති හිමි පොලිසියට වැඩමකරවා, එම පවුල පත්ව ඇති අසරණබාවය පිලිබද පැය දෙකකට අධික කාලයක්, තමන් ස්වාමීන් වහන්සේ දැනුවත් කර බවත්, ඉන් පලක් නොවී හෙයින් පොලිසිය මැදිහත් වී ප්‍රදේශයේ වෙනත් ආරණ්‍ය සේනාසනක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර මවගේ දේහයේ අවසන් කටයුතු, බඩල්කුඹුර පොදු සූසාන භූමියේ සිදුකළ බව ඉදුනිල් හේමපාල අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

මෙම පවුල වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා නිසා විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී තිබේ.

ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ පවසා ඇති බව ද වාර්තාවේ.

(lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්