ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බ්‍රිතාන්‍යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.
ඇය පසුගිය ජූලි මස පැවැති බ්‍රිතාන්‍ය ජාතික ජිම්නාස්ටික් තරගාවලියේදී දැක්වූ දස්කම් සමඟ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව
පුංචි මිනුලි ලබන ඔක්තෝබර් මාසයේ ජර්මනියේ  පැවැත්වෙන Gutenberg cup international  තරගාවලියට පළමු වරට මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වන ගුණරත්න බණ්ඩාර ඇයගේ පිය වන අතර ඔහු එංගලන්ත ජිම්නාස්ටික් සමාජයක සහ ඔහුගේම පුහුණු පාසලක ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.

ජිම්නාස්ටික් ක්‍රීඩාව පිළිබඳව මුලකුරු සිය පියාගෙන් හැදෑරු මිනුලි වයස අවුරුදු 6 සිට එංගලන්ත ජාතික පුහුණුකරුවෙක් යටතේ පුහුණුව ලබන්නීය.

ලන්ඩන් නුවර ජීවත් වන මිනුලි සොහන්සා පවසන්නේ ඇයගේ ඉලක්කය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම බවයි.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්