විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවෙසට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

පෙරේදා (05) උදෑසන සිට මෙම විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එලෙස ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් අරගලයක නිතරව සිටින ගොවීන් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බවද වාර්තා වේ.

ඇමති කංචන විජේසේකරගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර ඇති බවත් ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන් හා කණ්ඩායම්ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

අත්‍යවශ්‍ය මොහොතක කැඳවීම සඳහා යුධ හමුදාවද සීරුවෙන් තබා ඇතැයි පැවසේ.

ඇමති කංචනගේ නිවස අසල යොදවා ඇති මෙම විශේෂ පොලිස් මාර්ග බාධක හේතුවෙන් ඒ අවට වෙසෙන ප්‍රදේශවාසී ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇතැයිද වාර්තා වේ.

 

නියඟය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත්කල අවස්ථාවේදී විදුලිබල බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට විරෝධය පළකර තිබීම ගොවි සංවිධානව වල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

 

මෙම නියඟ තත්ත්වය තුළ එසේ ජලාශවලින් ජලය මුදා හැරියහොත් රටපුරා දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවට කාංචන ඇමතිවරයා කැබිනට් රැස්වීමේදී කරුණු දක්වා තිබු අතර අමාත්‍ය රොෂාන් රණසිංහ එබව මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්