අද අලුයම 03ට පමණ සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇත.

එම ජලය උඩවලව ජලාශයට ගලායාමට පැය 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව 'නෙත් නිවුස්' වාර්තාකරයි.


කෙසේ වෙතත් සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නද සිය කුඹුරුවලට ජලය ලැබෙන තෙක් සත්‍යග්‍රහය අවසන් නොකරන බව වලව ව්‍යාපාරයේ ගොවීන් පවසති.

ඒ අනුව, ඔවුන් එලෙස අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන්නේ 16 වන දිනටයි.

එහෙත් බලධාරීන්ගේ ප්‍රකාශ පිළිගැනීමට නොහැකි බැවින් කුඹුරු සඳහා ජලය ලැබෙන තෙක් තමන් තවදුරටත් සත්‍යග්‍රහයේ නිරත වන බව ගොවීන් පැවසුහ.


කෙසේවෙතත් සමනල වැවෙන් ජලය නිකුත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය අගය කරන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසිය.


කෙසේවෙතත් ජලය ලබාදුන්නද හානිවූ කුඹුරු සඳහා වන්දි ලබාදීමටද ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිසුරටත් සඳහන් කළේය.


කැබිනට් අනුමැතිය

කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (07) අනුමැතිය ලබා දුන්නේය.

ඒ අනුව අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත නිකුත් කරන ලෙසට අදාළ බලධාරීන්ට වහාම දැනුම්දුන් බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසිය.

එමෙන්ම ජාතික විදුලිබල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. ඊට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබිණ.

එහිදී ඉදිරිපත්වූ යෝජනා අමාත්‍ය කංචන විජේසේකර විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසිය.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලියද ලබාදෙන බවයි.


(nethnews.lk)


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්