leader s

දේශීය විශේෂඥ ඥානයෙන් නියමිත දිනට පෙර වැඩ අවසන් කළ බවට රජය උදම් අනන මන්නාරමේ නව සුළං බලාගාරය නිසා අහිමි වු සිය ජන ජීවිතය යළි ලබා දෙන ලෙස බලකරමින් ප්‍රදේශවාසී ජනයා විරෝධතාවයක්

දියත් කර තිබේ.

වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන 'හිරුරැස් පවර්' සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අගෝස්තු 6 වැනිදා විවෘත කළ මොහොතේ ඒ ආසන්නයේ විරෝධතා දියත් කළ ගම්වැසියන් පෙන්වා දුන්නේ බලාගාරය වෙනුවෙන් ඉදි කළ සුළං කුළුණු සිය ජන ජීවිතය අඩාල කර තිබෙන බවයි.

බලාගාරය සදහා සුළං කුළුණු 6 ක්  ඉදිකර තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒවා අතරින් කුළුනු 2 ක් තමන් ජීවත් වන නානාට්නාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නරුවිලිකුලම් ග්‍රාමය සමීපයේ ඉදිකර තිබෙන බැවින් එය සිය ජීවනෝපායට මෙන්ම දෛනික පැවැත්මටද බාධා පමුණුවා ඇති බව විරෝධතාකරුවන් පවසති.

සුළං කුළුණු වලින් නිකුත් වන අධික ශබ්දය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට බලපා තිබෙන ආකාරයද විරෝධතාවයට එක්ව සිටි ගම් වැසියකු මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කළේය.

 "හුලං මෝලේ වැඩ කටයුතු ආරම්භ කරපු දවසේ ඉදලා ධීවර කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තවල නිරත වූවන්ට ආදායම් අහිමි උනා. දවසට රුපියල් 1000 ක් හම්බකරපු මිනිස්සු දැන් හම්බ කරන්නේ රුපියල් 200 යි. 300 යි. සමහර දවස් වලට ඒකත් නෑ. නිවාස ආසන්නයේ සුළං කුළුණු දෙකක් හයිකරලා තියන නිසා රෑට මිනිස්සුන්ට නිදාගන්න බෑ. ළමයි, කිරි බොන ළමයි, ඉස්කෝලේ යන දරුවෝ, බඩදරු අම්මලා වයසක උදවිය හැමෝටම මේක හිරිහැරයක්."

ප්‍රදේශයේ ජනයා පත්ව සිටින පීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා සියලු දෙනාට අවස්ථා කිහිපයක දී දැනුවත් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව සදහන් කරන ඔහු ඉල්ලා සිටියේ අවම වශයෙන්  සිය ග්‍රාමය සමීපයේ සවි කර තිබෙන සුළං කුළුණු දෙක නවතා හෝ  ඉවත් කර සිය ජන ජීවිතය පහසු කර දෙන ලෙසයි.

විරෝධතාවයට එක්ව සිටි මාතාවක් අවධාරණය කළේ සුළං කුළුණු ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා පමුණුවා ඇති බවයි.

"හුලං මෝල්වල සද්දේ නිසා මිනිස්සු ගම දාලා යන තත්වයක් උදා වෙලා තියෙන්නේ. ළමයින්ට හිසරදේ හැදිලා රෑට පාඩම් කරගන්න බෑ. රෑට තියෙන මහා සද්දේ හින්දා හැමෝටම වගේ ඔලුවේ කැක්කුම්.."

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බලාගාරය 2023 සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කළ  බවයි.

 

Hirriras Power 2023

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්