අද උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක් ගැටී ඇත.



පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.

මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇත. අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩි හානි සිදු ව තිබේ.

කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේ දී රථය දමා බැස ඇති බවත් තුවාලකරුවන් කිසිවෙක් නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ හේතුවෙන් දුම්රිය රැසක ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

විකල්ප මාර්ග භාවිත කරන්න

මේ හේතුවෙන් ගිරිඋල්ල - මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇති අතර මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දෙයි.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ - මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.

මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ - මහනුවර මාර්ගයට පිවිසිය හැකිය.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ - කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි.

PHOTO 2023 08 09 10 09 59

PHOTO 2023 08 09 10 09 56

PHOTO 2023 08 09 10 09 58 1

PHOTO 2023 08 09 10 10 01

 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්