ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති

වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

 

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පැවසු ජනාධිපතිවරයා, තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු ද සඳහන් කළේය.

 

විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය. රටේ සංවර්ධනය රඳාපවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන  ඒකාබද්ධ උත්සාහයන් මත බව ද ඔහු පැවසිය.

ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බව අවධාරණය කළ ජනාධිපති වික්‍රමසිංහ, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය.

 

ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහත වීඩියෝවේ ..





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්