පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී

පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.

මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.



පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක ගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කර තිබිණ.



අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත දීමනා හා තවත් ගැටලු රැසක් විසඳෙයි

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.

එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.

තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩනැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

{gallery}parliament - PCR{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්