බම්බලපිටියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සිය රාජකාරියට බාධා කළ බවත්, ඒ හේතුවෙන් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වූ බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ

(09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, බම්බලපිටියේ හොරොයින් වැටලීමකට ගොස් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් හත් දෙනා සම්බන්ධයෙන් නිතිපතිවරයාට දැනුම් දී උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක සුරාබදු දෙපාර්තමේන්තුවට ඊයේ (09) නියෝග කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුවත් කර නිත්‍යානුකූල වැටලීමකට ගිය මෙම සුරාබදු නිලධාරින් සිව් දෙනා වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් කව්දැයි අධිකරණයෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම නිලධාරින්ගේ නාමලේඛණයක් එම දෙපාර්තමේන්තුව අධිකරණයට ලබා දුන් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ දකුණ භාර සහකාර පොලිස් අධිකාරී, බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, එම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, එම පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් වන නාමලේඛනයක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (09) මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 07 වැනිදා සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට අදාළ ප්‍රධාන සැකකරුවකුට පලා යාමට අවස්ථාව සලසා දෙමින් සුරාබදු නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එම නිලධාරින් අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා ගැනීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කළ බවට සදහන් කරමින් සුරාබදු ස්ථානාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.


බම්බලපිටිය පර්ල්බීච් හෝටලය ඉදිරිපිටදී ඉකුත් 07 වැනිදා පෙරවරුවේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සී ඒ සී 8878 දරන කාර් රථයෙන් හොරොයින් සමග සිටින පුද්ගලයන් දෙදෙනකු ගැන තොරතුරක් ලද බවත් සුරා බදු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසී සිටි සුරාබදු නිලධාරීන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණි. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (08) ඉදිරිපත් කෙරුණු එම සුරාබදු නිලධාරීන් සිව්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරුණි.

(lankadeepa.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්