අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව

කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්‍ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙසේ ඒකාබද්ධ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.

පළාත් සභා නවයක සම්පත් සමග කෘෂිකර්මයට සම්බන්ධ ගැටළු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරමින් මෙම ඒකාබද්ධ කිරීම සිදු කෙරෙනු ඇතිබව ද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුයේ, රට  සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට නම් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය බවයි.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්