13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය

ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව වාර්තා වෙයි.

මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල්වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ට අයුරින් සිදුවූ බව එහි දී පෙන්වා දී ඇති දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්, එම ක්‍රමවේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව සඳහන් කර ඇත.

කෙසේවෙතත් එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව එහි දී ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

මෙම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී.සී.ඩී.වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිසියේ ඉහල නිලධාරීන් සම්බන්ධ වූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන්, ෂානක්කියන් රාසමාණික්කම්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, චාල්ස් නිර්මලනාදන්  සහ සෙල්වම් අඩෙක්කලනාදන් සහාභාගී විය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්