අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබේ.



ඒ ඔවුන් ඊයේ රාත්‍රි අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රුපියල් 25000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරිමට අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ ආරම්භ කළ පා ගමන විසුරුවා හැරිමට ස්ථාන 02 කදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේ ය.

ඒ , කිරුළපන හා විහාර මහා දේවි උද්‍යානය අසලදී ය.

විරෝධතාව අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 20 දෙනෙකු ද  අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

ඒ , නිතී විරෝධි පාගමනක නිරත වූ බවට චෝදනා කරමිනි.

අත්අඩංගුවට ගත් අය අතර සිසුවියන් දෙදෙනෙකු ද විය.

iusf 1

iusf 2iusf 3iusf 4





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්