තුර්කියේ ස්තාන්බුල් හිදී පෙරේදා (09) සිදුව ඇති අනතුරකින් ලාංකිකයක් පිරිසක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර අතැයි වාර්තා වේ.


එක් අයෙකුගේ සුසුම්නාවට හානි සිදුව ඇතැයි ද පැවසේ.

ස්තාන්බුල් ප්‍රදේශයේ ගුවන්තොටුපොළක් ඉදිකිරීමේ සේවයේ නියුතුව සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන යමින් සිටි බස්රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ලාංකිකයන් 35 දෙනෙකු පමණ එහි සිට ඇත.

අනතුර සිදුව ඇත්තේ තුර්කි වේලාවෙන් පෙරේදා පස්වරු 06.30ට පමණය.

සුළු තුවාල ලැබූ ලාංකිකයන් 08 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා රෝහලින් පිටවගොස් ඇතැයිද වාර්තා වේ.

ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.

turkey 2023.08.09 2turkey 2023.08.09 3turkey 2023.08.09 4

(lankatruth.com)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්