චීනයේ යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුව ඇත.

 චීනයට අයත් යුද නෞකාවක් කොළඹ වරායට මෙලෙස සේන්දු වූයේ ඉකුත් බ්‍රහස්පතින්දාය.

'හයි යැන්ග් ටුවෙන්ටි ෆෝ' නමැති එම යුධ නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති බව නාවික හමුදාව පවසයි.  

දිගින් මීටර් 129 ක් වන එම නෞකාව, 138 ක නාවික සාමාජිකයින්ගේ සමන්විතයි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ, එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බාවූ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බවයි. ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට බලපාන ඕනෑම සිද්ධියක් හොඳින් නිරීක්ෂණය කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සදඟන් කර ඇත.

ඉන් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අවධාරණය කරන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බාවූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

 එමෙන්ම, ආරක්ෂාව සඳහා වැදගත් සියලු පියවර අනිවාර්යෙන්ම ගන්නා බව ඔහු අවධාරණය කර ඇත.

ඉකුත් දා කොළඹ වරයාට සේන්දු වූ චීනයට අයත් මෙම යුද නෞකාව ලබන අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව නාවික හමුදාව පවසයි.

(nethnews.lk)


India Vs Sri Lanka; Chinese Warship Hai Yang Hao at Colombo Port | India’s concerns increased due to its surveillance power, last year ballistic missile and satellite tracking ship also came.


Sri Lanka cheated again, China’s spy warship reached Colombo Port to spy on India’s defense installations
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image