සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාස භංග යෝජනාව ඇමතිවරු ජනප්‍රිය කිරීමේ ප්‍රයත්නයක් මිස අන් කිසිවක් නොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එහි මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ මෙවැනි අසාර්ථක උත්සහයන් හේතුවෙන් සැබෑ ගැටලු යටපත් වන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක් වෙමිනි.




සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ.

ඊයේ  (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ පෙරවරුවේ රැස්විය.

එහි දී සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබාදීමට තීරණය වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්