වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය

අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සමාරම්භක උළෙල සඳහා මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහභාගි වී සිටියහ.

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබාගත්හ.

 {gallery}SLPP PM Cricket{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්