හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.



දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා, 12 දා උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමා එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.

මෙම කෙටි පනිවිඩ දැකීමෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් මහත් සේ කලබලයට පත් ව ඇත.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුතුය. හෙයින් අදාළ සැත්කම් සිදුකරන්නේ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර ගෙන් විමසීමේ දී මෙසේ කීය.

'' මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා. එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව දැනුම් දි නැහැ. නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.''

(සනත් ගමගේ - lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්