පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි

විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙකු ඇතුලුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු කිසිවෙකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනෙකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇතැයිද ඒ අතුරින් 11 දෙනෙකු මෙලෙස කිසිවෙකුට නොදන්වා විදේශගතව ඇතැයි ද ඔහු කියා සිටියි.

මෙවැනි  විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියෙකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභියෙකු සදමා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත්, පහුගිය වසර එකාහාමාර තුල විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනෙකු විදෙස් ගත කර ඇති බවද තවත් වෛද්‍යවරුන් 617 දෙනෙකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා සූදානමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්