සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය විසින් ආරම්භ කරන ල

ද නව දේශපාලන සන්ධානයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නායකත්වය දරන නිදහස ජනතා සභා කණ්ඩායම එක්කර ගැනීම සඳහා මේදිනවල සාකච්ජා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

දෙපාර්ශ්වය අතර ඒ සම්බන්ධයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් මේ දිනවල සිදුවෙමින් පවතින බව 'දේශය' ජාතික පුවත්පත වාර්තාකර තිබේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශනයෙකුගෙන් 'දේශය' විමසූ විට සඳහන් කර ඇත්තේ, ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඉදිරියේදී සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ආරම්භ කරන පුළුල් සන්ධානයේ කොටස්කරුවකු ලෙස එම කණ්ඩායමද එක්වනු ඇතැයි විශ්වාස කරන බව ඔහු පවසා ඇත.

දැනටමත් සමගි ජන බලවේගය සන්ධානය තුළ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් සහ දිගම්බරම් යන කණ්ඩායම් නිත්‍ය සාමාජිකයන් ලෙස කටයුතු කරති.

(මුලාශ්‍රය -deshaya.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image