දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු සඳහන් කළේ, ආයතන කිහිපයක් යටතේ, ජලාශ පාලනය වීම ගැටලුකාරී තත්ත්වයක් බවයි.

වලව ගොවි ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙයි.

වලවේ ගොවි බිම් අක්කර 13,000ක් විනාශයි

වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ, පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති වීමෙන් ය.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පැවසුවේ, වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් අද පිටත්ව යන බවයි.

'අනුරාධපුරයේ අවදානම පහව ගිහින්' - රොෂාන් රණසිංහ

මේ අතර වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ජලය සපයා ගැනීමට තිබූ අවදානම මේ වනවිට පහව ගොස් ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කලාවැව හා කණ්ඩලම ව්‍යාපාරවල වී වගාව සඳහා ජලය ලබාදීමේ හැකියාව දැනට පවතින බවයි.

මේ වනවිට කොත්මලේ ජලාශයේ සියයට 61 ක ජල ධාරිතාවක් ද, පරාක්‍රම සමුද්‍රයේ සියයට 50 ක් ද, කලාවැවේ 20% ක ජල ධාරිතාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදිය හැකි දායකත්වය 25% දක්වා පහළ ගොස් ඇතැයි ද වාරිමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ ය.


(News 1st)



 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්