leader s

මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර,

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් අද (14) පැවසීය.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්වෙලා සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කී සාගර කාරියවසම් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ, ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ආර්ථික ගොඩනැගීම බවත්ය.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව කී කාරියවසම් මන්ත්‍රීවරයා, රටක් වැටිලා තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න බව ද සඳහන් කළේය.

අස්ථාවර රටක් තුළ විවිධ කරුණු කාරණා කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ද එක්ව සිටියේය.

 

JW


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්