බංකොලොත් රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් පවතින මොහොතක රට වෙනුවෙන් කැපවී වැඩ කළ යුතු

අය කළ දුටු කල වල ඉහගන්නා ප්‍රතිපත්තිය නිසා සෞඛ්‍ය සේවය අදවන විට මුළුමණින්ම අර්බුදයට පත්ව තිබෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

ඔහු එබව පැවසුයේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය.

'' ඖෂධ හිඟයක් ඇති කර හදිස්සි මිළදී ගැනීමට යොමුවන්නේම දූෂණය සඳහා බව දැන් ඔප්පුවෙමින් තිබෙනවා. ඒ අතර තුර බාල බෙහෙත්, වෙළඳ පොල මිළට වඩා 1000 % වැඩි ගණනට මිලදී ගැනීම් මේ රටේ සෞඛ්‍ය අංශයේ වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් රට පුරා රෝගීන්ගේ ජීවිත ද අවදානම් තත්ත්වයට පත්ව තිබෙනවා. එවැනි හදිස්සි මිළදී ගැනීම් විදුලිය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලද සිදුවන තරමට සූක්ෂම ලෙස සැලසුම් කලින් කල දියත් කරන බව පැහැදිලියි'' යැයි මන්ත්‍රීවරයා කීය.



2022 මැයි සිට 2023 මැයි මස දක්වාවූ යුනිසෙෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යා පොෂණ තත්ත්වය පිළිබඳව වාර්තාව පිළිබඳව කරුණු දැක්වූ මන්ත්‍රී වරයා, එම අළුත්ම වාර්තාව අනුව ලංකාවේ ලක්ෂ 39 ක් පමණ ජනතාවක් ආහාර අනාරක්ෂිත භාවයෙන් සිට්න බව කීය.



රටේ සමෘද්ධිය ලබා දුන්නේද ලක්ෂ විස්සකට පමණි. දැන් අස්වැසුම යනුවෙන් වෙනත් නමකින් සහනාධාර දෙන්න යන්නේ ද ලක්ෂ 20 ක් පමණ ජනතාවටය. එනමුත් මේ රජයේ ආර්ථිඅකය කඩා වැට්ටීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ 39 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් සිටින්නේ නම් එසේ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙලෙන ඒ සියළු දෙනාටම සහනාධාර ලබා දිය යුතු යැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ රට හොඳ පැත්තට හැරෙමින් තිබෙන බව හුවා දක්වන්නට උත්සාහ කළ ද යථාර්තය අනුව දුප්පතා අන්තිම දුප්පත් බවට තල්ලුවෙමින් තිබෙන අතර මධ්‍යම පාන්තිකයන්ට පෝෂ්‍යදායී ආහාර වේල් තුනක් ලබා ගැනීමට නොහැකිව ඔවුන් ද දවසින් දවස පකළ තත්ත්වයකට ගමන් කරමින් සිටින සත්‍ය රජයට වසං කළ නොහැකිය.

ලක්ෂ 11 ක් පමණ සිසුන් ට අධ්‍යාපනය මානුෂීය ආධාර අවශ්‍ය අතර ගැබිණි කාන්තාවන් ට ද පෝෂණ අවශ්‍යතාවයන් තිබෙන බව හා දරිද්‍රතාවය 25 % ට වැඩි වෙලා ඇති බව යුනිසෙෆ් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

මේ රජය යටතේ ජනතාවට මානසිකව හා සෞඛ්‍ය වශයෙන් ඇතිවන පීඩනය ඉතිරි පරම්පරාවට දැඩිව බලපානවා. මේවා මෙසේ වීමට ප්‍රධාන හේතුව අය වැයෙන් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කළා යැයි කියන මුදලට වඩා බෙහෙවින් අඩු මුදලකුයි රජය සැබවින්ම ලබා දී තියෙන්නේ යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්