ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ රංගනවේදිනි, සිංහල සිනමාවේ ස්වර්ණ තාරකාව ස්වර්ණා මල්ලවාරච්චි ගේ

අඩසිය වසක අද්විතීය සිනමා දායකත්වය උදෙසා උපහාර පිදීමේ උළෙලක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී අගෝස්තු මස 20 වෙනි ඉරිදා සවස 4ට පැවැත්වේ.

කිසිදු ආයතනයක හෝ සංගමයක සංවිධානයෙන් බැහැරව ශ්‍රී ලංකවෙන් පිටත දි ප්‍රථම වතාවට සිදු කරන මෙම ප්‍රණාම උළෙල ඉතාම උත්කර්ෂවත් අයුරින්  සංවිධානය කර ඇත්තේ, චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ සහ රම්‍යා තෙන්නකෝන් යෙහෙළියන් දෙදෙනාගේ මූලිකත්වයෙන් බ්‍රිස්බේන්හි වෙසෙන ශ්‍රී ලාංකික කුඩා ව්‍යවසායකයන්ගේ සාදර අනුග්‍රාහකත්වයෙනි.

උපහාර උළෙලේ මුල් දෙසුම ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ජයසිරි වීරවර්ධන විසින් සිදු කරනු ලබන අතර එදිනට සම්මාන ලාහී 'දඩයම' චිත්‍රපටය ද තිරගත කෙරෙයි. උළෙල අවසානයේ රාත්‍රි හෝජන සංග්‍රයක් ද පැවැත්වේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්