මෙරට තුළ බාල වර්ගයේ ඖෂධ නොමැති බව වගකිව යුතු අංශ පැවසුවත් ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ රට තුළ ඇතැයි තමන් විශ්වාස කරන බව

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සම්පත් දායක, ඖෂධ සහ සෞඛ්‍ය කළමණාකරණය පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරා පවසයි.

'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 2015 වසරේ සිට 2022 වසර දක්වා තමන් සිදු කළ විශ්ලේෂණයකදී මෙරට එක් ආයතනයක් සැලකිය යුතු ලෙස ආනයනික ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති බව අනාවරණ වී ඇති  බවයි.

ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් ආයතනවලට සහය ලබා දෙන නිලධාරීන් පිරිසක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ඖෂධයක කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කරලා

එකම ඖෂධයයක වැඩිම කාණ්ඩ ප්‍රමාණයක් දෝෂ සහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කර ඇති ඖෂධය සපයා ඇත්තේද රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සපයන, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව (SPMC) විසින් බව මෙරට සෞඛ්‍ය සේවයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන රවී කුමුදේශ් පවසයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් සපයනු ලැබූ ෆ්ලික්ලොක්සාසිලින් කැප්සියුල් වර්ගයෙහි (Flicloxacillin Cap 500mg) කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පසුගියදා තිරණය කොට තිබේ.

IMG 0613IMG 0614
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, 2023 වර්ෂයේ ගෙවුණු කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අස්ථා 69කදී, රෝහල් වෙත සැපයූ ඖෂධ, රෝගීන්ට ලබා දීම අත් හිටුවීමට නියෝග කර ඇති බවයි.  එම අවස්ථා 69 තුල නතර කර ඇති ඖෂධ කාණ්ඩ අතුරින් කාණ්ඩ 40ක පමණ ප්‍රමාණයක් සපයා ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව ඔහු කියා සිටියි.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' පසුගිය කාළය තුල දේශීය ඖෂධ නිශ්පාදන සහ ඉන්දියානු නිශ්පාදන පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කරමින්, යුරෝපියන් ඖෂධ පමණක් ගෙන්වීමේ තීන්දුවක් ගැනීමට ඇතැම් අය උත්සාහ ගැනීම නිසා මෙම ගැටළුව අභ්‍යන්තරිකව සාකච්චා කිරීමට උත්සාහ කලද, ඊට අවස්ථාද නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව විවෘත සංවාදයකට යෑමට සිදු වීම ගැන අප කණගාටු වෙමු.
 
 
කෙසේ නමුත්, ඉන්දියාව, බංගලිදේශය වැනි රටවල් විසින් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී, එම රටවලින් බාල ඖෂධ පමණක් අපේ රටට පැමිණෙන්නේනම්, එය අපගේ තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවේ. එසේම ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් රටට ඖෂධ සැපයෙන ආයතනයේ නිශ්පාදන පිළිබඳ ගැටළුවක් ඇත්නම්, එය කළමණාකරණ ගැටළුවක් මිස රටේ නොහැකියාව පිළිබඳ ගැටළුවක් නොවේ.
 
 
'' අපේ රටේ ආර්ථික අර්බුධයට අදාලව තීන්දු ගණු ලබන්නේනම් දේශීය ඖෂධ නිශ්පාදනය වැඩි දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් ඒ සඳහා අපට නැත. එනයින් ඖෂධ නිශ්පාදන නිතීගත සංස්ථාව විසින් සපයන ඖෂධ වල තත්වය පිළිබඳව ඇති ප්‍රශ්ණාර්තය මග හැර යෑමට වඩා, එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ නමුත්, වැඩිපුරම ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතරකර ඇති තනි සැපයුම්කරු ලෙස, රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිශ්පාදනය කරණු ලබන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි.''

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්