leader s

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (15 )දා පස්වරුවේ පැමිණිල්ලක්

ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස්, ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පසුගිය 12 වෙනිදා (අගෝස්තු 12) පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව පවසා සිටියේය. ඇමතිවරයා විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙනි. 


තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතු බවත් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අවධාරණය කර සිටිබව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අඛිල තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්