leader s

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට තම පක්ෂය එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.



විපක්ෂ නායකවරයා එබව කියා සිටියේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ ඊයේ (15) පැවති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදා අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත්, ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඒකීය ස්වෛරී රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක ඒකීය භාවය ස්වෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත්, සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් ඔහු එහිදී පැවසීය.

ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කරන්න පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

sajith prema 1

sajith prema 2

sjith prema 3

sajith prema 4

sajith prema 5

sajith prema 6


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්