ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ මොන පක්ෂයෙන් දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික

සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විමසා සිටියි.

රනිල් වික්‍රමසිංහ මෙවර ද අපේක්‍ෂකත්ව අර්බුදයකට මුහුණදී සිටින බව ඔහු පවසයි.

ඔහු එබව කියා සිටියේ, විපක්ෂනායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවේදීය.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. 

අදානි එක්ක කතාකරේ මොනවා ද , විකුණුවේ මොනවා ද ?
 
'' ජනාධිපතිතුමා එක එක කතා කියනවා. අද 'ඩේලි මිරර්' පත්තරේ තියනවා, ළමයිට අනාගතේ හිංදි , චින ඉගෙන ගන්න හැකිවෙනවා කියලා . මේක දැක්කම අහන්න හිතේනවා , ඉන්දියාවට චිනයට රට විකුණන්නද යන්නේ කියලා.. ඉස්සර අයෝජකයෝ අපිව හොයන් එන්නේ ...දැන් අපි ළඟටම ගිහින් විකුණලා එන්නේ....ජනාධිපති ඉන්දියාවට ගිහින් විකුණලා ආපු එක අපි තාම දන්නේ නැ.. මුල්‍ය බලය තියෙන්නෙ පර්ලිමේන්තුවට වුනාට අපි තාම දන්නේ නැ , අදානි එක්ක කතාකරේ මොනවාද , විකුණුවේ මොනවාද ? කියලා.

අනිත් පැත්තෙන් ඉන්දියාව අයෙත් අවුල් යනවා මොකද චිනේ නැවක් එන්න යන්නේ...තවත් අතකින් මිනිස්සු රට අතැරලා යනවා ..ලංකාවේ ළමයිට චින හිංදි ඉගෙන ගන්න තියා ලක්ෂ 2 ළමයි පාසල් යැම අත් හැරලා.. දෙමාපියන්ට ළමයි පාසල් යවන්න වත්කමක් නැ... බඩුමිළ අහස උස.  විදුලි බිල, ජලබිල, ඉහල ගිහින් මැරෙන්න ඉස්පිරිතාලේ යන්නත් වෙලා. බාල බෙහෙත් හැම තැනම. බෙහෙත් මිළත් අධික ලෙස ඉහෙල ගිහින්. එහෙම රටක හින්දි - චීන භාෂා  ඉගෙන ගන්නලු..

මොනවා උනත් කියන්න පුලුවන් 13 කතාව ඇදලා අරගෙන හොදටම ඇදගෙන ඉන්නේ.  සාගර කාරියවසම් ව්‍යංගයෙන් කියන්නේ..  අපිනන් කෙලින්ම කියනවා.
 
 
'' මේවා බැලුවාම කියන්න තියෙන්නේ ජනාධිපති රනිල්ට මිළග අපේක්ෂකයා වෙන්න බැරි හැඩැයි. සජබෙ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරලා ඉවරයි.. ජන බලයෙන් අනුර අපේක්ෂකත්වයට දානකොට එතුමාට අපේක්ෂකත්වය ඉල්ලන්න පක්ෂයක් නැ. මම කිවුවා කියලා මතකතියා ගන්න, ලබන වසරේ මැද වෙනකොට මහ මැතිවරණ එනවා. ස්වාධින වෙලා ඉන්න කණ්ඩායම් එකතු වෙලා තව සුමාන දෙකකින් සජබේ බලවත්ව ඉදිරියට එනවා. එක දේශපාලන අරමුණකට යන කණ්ඩායමක්. ඉලක්ක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා දමන්න සිදු වෙනවා.''
 
 
'' රනිල්, අවසාන වෙනකම් ප්‍රතිලාභ බුක්ති විදලා රස බලලා ගෙදර යනවා''

දැන් මේ 13 ගැන කතාව කියලා මට තමයි දෙමල, මුස්ලිම් ඡන්ද තියෙන්නේ කියලා අපේක්ෂකත්වය ගැනිමේ තරඟයක්. එම ප්‍රකාශය  දියාරුයි. ජනාධිපති මේවගේ ප්‍රතිචාරයක් බලාපොරෝත්තු වුනේ නැ. 13 සංශොධන බලාත්මක කරන්න කලින් පලාත් සභා ජන්දේ තියන්න. පලාත් සභා උපදින්නේ 13 දරුවෙක්  විදිහට.

ණය සිමාව , වියදම් සිමාව බිලියන 9000 දක්වා වැඩිකරේ නම දිපු ගමන් බඩු බෙදන්න. අස්වැසුමේ සභාපති ඉල්ලා අස්වෙනවා. මෙම සරල කරනා එකතු කරලා ඔබතුමන්ලාට කියන්නේ ජනාධිපති ධුරය අවසාන වෙනකම් ප්‍රතිලාභ බුක්ති විදලා රස බලලා ගෙදර යනවා.

අප විපක්ෂයක් ලෙස පුලුල් සංවිධානය බිහිවෙනකොට, බඩු මිල ඉහළ යනකොට බලාපොරෝත්තු රහිත සමාජයකට බලාපොරෝත්තු දියහැකි හොදම කණ්ඩායම සමගි බලවේගයේ අපි ආණ්ඩු පිහිටවලා සජිත් මහතා ජනාධිපති වු පසු ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න අප කටයුතු කරනවා..''


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image